උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සදහා ඇමෙරිකා රජය සමග සාකච්ඡාවක් පැවැත්වුණා.
සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙන්ම ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති මාටින් කෙලී මහතාද එක් වුණා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබද මෙහිදී ඇමෙරිකා තානාපති කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කෙරුණා.
බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයට ඇමෙරිකා රජයද මේ වන විට සහාය ලබා දෙනවා. ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති බිම් වෙඩි පිළිබද ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය සිදු කරනවා. යුද හමුදාව මෙන්ම ජාතික හා ජාත්‍යන්තර සංවිධාන රැසක් ඒ සදහා දායකත්වය ලබා දෙනවා.