යුක්රේන රුසියා සාම සාකච්ඡා අතර තුරදී ද යුක්රේනයේ කියෙව්, කාකයිෆ් හා කාසන් යන නගර ඉලක්ක කරගනිමින් රුසියා හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කළා.
යුක්රේනයේ කියෙව් නගරයට ඇතුළු වීම සදහා රුසියා සන්නද්ධ රථ පෙලක් සූදානම් වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් ඡායාරූප මගින් දැක්වුණේ එම සන්නද්ධ රථ පෙල කිලෝමීටර් 40 ක පමණ දිගින් යුතු බවයි. ඒ අනුව අද හෝ හෙට දින තුළදී කියෙව් නගරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවයට අනුමාන කෙරෙනවා. රුසියා ප්‍රහාර ආරම්භ වී අදට දින 06 ක් ගත වුවද යුක්රේන ප්‍රධාන නගර 03 හිම බලය තවමත් පවතින්නේ යුක්රේන හමුදාව යටතේයි.