ප්රමාණයෙන් ඉතා කුඩා නවීන වර්ගයේ පිස්තෝලයක් සමග පුද්ගලයෙකු අවිස්සාවේල්ල පිංදෙණිය ප්රදේශයේ දී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කළා. පිංදෙණිය ජයගම ප්ර දේශයේ දී පිස්තෝලයක් සමග වයස අවුරුදු 39 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සදහා සැකකරු පොලිසියට භාර දී තිබෙනවා.