අඩුපාඩු පවතින තැන්වලදී ඒවා පෙන්වා දෙමින් ආණ්ඩුව සමග ඉදිරියට යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව එම පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හොරොව්පතාන ආසන බල මණ්ඩලය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. හොරොව්පතාන ආසන බල මණ්ඩලයේ භික්ෂු, තරුණ, කාන්තා, ගොවි හා ගුරු ආසන සංවිධාන සදහා නව නිලධාරීන් පත් කර ගැනීමට ද මෙහිදී කටයුතු කෙරුණා. මහජන නියෝජිතයන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/jD58_mRc-gk”]