පිස්තෝල පතරොම් සහ ගමන් කථන යන්ත්ර හතරක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තෙල්දෙණිය පොලිසිය කටයුතු කළා.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර ඇමරිකා පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ද සිටි බවයි පොලිසිය පැවසුවේ. පිස්තෝල අවි සඳහා යොදන පතරොම් 100ක් රම්බෝ වර්ගයේ පිහියක් , දුරේක්ෂයක් , වායු රයිපලයක් , ගමන් කතන හතරක් , ජංගම දුරකතන දෙකක් , අංක තහඩු නොමැති යතුරු පැදි දෙකක්, අංක තහඩු සහිත යතුරු පැදි හතරක් සහ රුපියල් හත් ලක්ෂ හයසීයක මුදල් ඔවුන් සතුව තිබී පොලිස් භාරයටගෙන තිබෙනවා.