ජපානයේ මහ මැතිවරණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එරට අග්රාමාත්ය ෆුමියෝ කිෂිඩා තවදුරටත් අග්රාමාත්ය ධුරය දරන්නේ ද යන්න පිළිබඳ ජනතාව අද තීරණය කරනු ඇති. ජපානයේ ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායකත්වය හිමිකර ගැනීමෙන් පසු ෆුමියෝ කිෂිඩා ජපාන අග්රාමාත්යවරයා ලෙස මෙම මස මුලදී තේරී පත්වුණා. වර්තමානයේ ජපාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් කිෂිඩාගේ පක්ෂයට හිමිව ඇති අතර එම තත්ත්වය පවත්වා ගැනීම අවිනිශ්චිත විය හැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ලොව තුන්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපානය කොරෝනා වයිරසය පැතිරයාමත් සමඟ පසුගිය කාලයේ දී දේශපාලන අර්බුද රැසකට ද මුහුණදීමට සිදුවුණා.