මැදිරිගිරිය මූලික රෝහල සදහා රුපියල් ලක්ෂ 70 ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යා කිරීමට යුද හමුදා 23 වන සේනාංකය කටයුතු කළා.
වෙන්ටිලේටර් යන්ත්‍ර 5 ක් මේ යටතේ පරිත්‍යාග කෙරුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා මූලස්ථානයේ මූල්‍ය ප්‍රතිපාදන මත එම වෙන්ටිලේටර් යන්ත්‍ර මිලදී ගෙන තිබෙනවා.
මෙම උපකරණ රෝහල් අධිකාරී වෛද්‍ය අනුරසිරි ජයසිංහ මහතාවෙත භාරදීම මැදිරිගිරිය රෝහල් පරිශ්‍රයේදී සිදුකෙරුණා. ඒ 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලින් කොස්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.