නවසීලන්තයේ වසා දැමීමේ නීති දැඩි කිරීමත් සමඟ වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පහල බැස තිබෙනවා.
අද දිනයට නවසීලන්තයෙන් හමුව ඇත්තේ වයිරස ආසාදිතයින් 49 දෙනෙකු පමණයි. ඒ සමඟම එරට සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 612 දක්වා ඉහළ ගියා. ඕක්ලන්ඩ් නගරය සති දෙකක කාලයක් සඳහා මේ වනවිට වසා දමා තිබෙනවා. ඒ සමඟම මිලියන 1.7 ක ජනතාවට නිවෙස් තුළට වී කාලය ගත කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පාසල් , කාර්යාල හා පොදු ස්ථාන තවමත් වසා දමා තිබූවද ව්‍යාපාර කටයුතු සිදු කිරීමට නවසීලන්ත රජය අවසර ලබාදී තිබෙනවා.