කොරෝනා වයිරසයට එරෙහි එන්නත්කරණයට විරෝධය පල කරමින් ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විරෝධතා ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා.
උද්ඝෝෂකයින් විසුරුවා හැරීම සදහා කදුලු ගෑස් හා ජල ප්‍රහාර යොදාගත් බවයි ග්‍රීක පොලිසිය සදහන් කරන්නේ. ග්‍රීසිය තුළ වයිරසයට එරෙහි එන්නත් ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර එයට විරෝධය පල කරමින් මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මකයි. සෞඛ්‍ය අංශ සේවකයින් ද එන්නත්කරණයට විරෝධය පල කරන බවයි වාර්තා වන්නේ. එරට ජන ගහනය මිලියන 11 ක් පමණ වන අතර ඉන් මිලියන 5.7 ක ප්‍රමාණයක් සම්පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබෙනවා.