කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීම සදහා වත්මන් රජය තරම් වෙනත් කිසිදු රජයක් මුදල් වෙන්කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පවසනවා.
දකුණු පළාතේ දියර කිරි ව්‍යසායකයන් හා පශු වෛද්‍යවරුන් සමග ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ. දකුණු පළාතේ දිනකට දියර කිරි ලීටර් දෙලක්ෂ එකොළොස් දහසක අවශ්‍යතාවක් පවතින බව මෙම රැස්වීමේ දී අනාවරණය වුණා. එහෙත් එම පළාත තුළ දිනකට නිෂ්පාදනය කෙරෙන්නේ දියර කිරි ලීටර් 108,300 ක් පමණක් බවයි හෙළිවුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/lxf9lamlOT0″]