පොළොන්නරුව හා ත්රිකුණාමලය දිස්ත්රික්ක යාවන බෙරිවිල ජනරංජන වැව ආශ්රිත කලාපය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.
පොළොන්නරුව සහ ත්රිකුණාමලය දිස්ත්රික්ක යාකරන කෙටිම මාර්ගය ලෙස බෙරිවිල මාර්ගය ද සංවර්ධනය කිරීමට නියමිතයි. මෙම කලාපයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අමරකීර්ති අතුකෝරල සහ කපිල අතුකෝරල යන මහත්වරුන් එම ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජනරංජන වැවේ ධීවර කටයුතු සංවර්ධනය කිරීමට මෙන්ම බිසෝපුර මහවැලි කර්මාන්ත පුරයේ රැකියා අවස්ථා ඉහළ නැංවීමට ද රජයේ අවධානය යොමුව තිබෙනවා.