ආර්ජන්ටිනාවේ පැටගොනියා වෙරළ කලාපය ආශ්රිත කලපු ප්‍රදේශය විනාශයට පත්වීමේ අවදානමකට ලක්ව තිබෙනවා.
මෙම කලපු ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති කර්මාන්තශාලා කිහිපයකින් පිට කරනු ලබන රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් මෙහි ජලය රෝස පැහැයක් ගෙන ඇති බවයි පැවසෙන්නේ. එමෙන්ම කර්මාන්තශාලාවලින් ඉවත දමන කැළි කසල මෙම කලපු ප්‍රදේශයට බැහැර කරනු ලබනවා.
කලපු ප්‍රදේශයේ ජලයේ හදිසි වෙනස්වීම විනාශකාරී පාරිසරික තත්ත්වයක් පිළිබද අනතුරු ඇගවීමක් ලෙසයි සැළකෙන්නේ. මේ සම්බන්ධයෙන් ආර්ජන්ටිනා පාරිසරික පර්යේෂණ කණ්ඩායම් විමර්ශන ආරම්භ කර තිබෙනවා.