ඉන්දියාවේ සිට කොළඹ වරායට පැමිණි නෞකාවක තිබූ නයිට්‍රික් ඇසිඩ් බහාලුමක කාන්දුවක් ඇති බවට හදුනා ගැනීම හේතුවෙන් එම නෞකාව ගිනිගැනීම වළක්වාගත හැකි වූ බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
හොංකොං ධජය යටතේ හැපැක් ලොයිඩ් නෞකාව කොළඹ වරායට පැමිණ ඇත්තේ පසුගිය 26 වනදායි. එම නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් බහාලුමක කාන්දුවක් ඇති බවට නෞකාවේ කපිතාන්වරයා ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව වරාය පැමිණීමෙන් පසු කාන්දුව සහිත බහාලුම් නැවෙන් ඉවත්කර ආරක්ෂිතව වෙන් කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ගිනි නිවීමේ ඒකක මේ සදහා වහාම ක්‍රියාත්මක වීම හේතුවෙන් නෞකාවේ ඇතිවීමට ඉඩ තිබූ ගින්න වළක්වා ගැනීමට හැකිවූ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Ad1KQN-tDhU”]