ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික මීළග සමුළුවේ විශේෂ නියෝජිතයා වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දෙන බව රුසියා විශේෂ නියෝජිත ස්ටැනිස්ලව් කොරොලෙව් මහතා පවසනවා.
රුසියාවේ පැවැත්වෙන 24 වන ශාන්ත පීටර්ස්බර්ග් ආර්ථික සමුළුවට සහභාගි විම සදහා අමාත්‍ය විමල් වීරවංශ මහතා එහි ගොස් සිටිනවා. අමාත්‍යවරයා හා රුසියා රජයේ නියෝජිත කණ්ඩායමක් අතර පැවති සාකච්ඡාවේදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ. විශේෂ නියෝජිතයා වීමේ අවස්ථාව හිමිවීමත් සමග මෙවර සමුළුවට සහභාගි වූ බොහෝ රටවල ආයෝජකයන්ගේ අවධානය යොමුවන බැවින් එය කර්මාන්ත හා ආයෝජන ක්ෂේත්රයේ ප්‍රවර්ධනයට යහපත් ලෙස බලපාන බවයි කර්මාන්ත අමාත්‍යාංශය සදහන් කරන්නේ.