ඩෙල්ටා ලෙස හැදින්වෙන ඉන්දියාවෙන් හදුනාගත් නව කොරෝනා වයිරස ප්‍රභේදය ලොව සෑම පුද්ගලයෙකුගේම ජීවිතවලට දැඩි අභියෝගයක් බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.
අනෙකුත් වයිරස ප්රභේදයන් හා සැසදීමේ දී ඩෙල්ටා වයිරස ප්‍රභේදය ව්‍යාප්ත වීම සියයට හතලිහකින් පමණ වැඩි බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ. කෙසේ වුවද මේ වන විට බ්‍රිතාන්‍ය යේ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට සමත්ව ඇති බව වාර්තා වනවා. 2022 වසර වනවිට බ්‍රිතාන්‍ය යෙන් සියලුම වැසියන්ට කොරෝනා වයිරසය එරෙහි එන්නත ලබාදීම එරට රජයේ අරමුණ වන බවයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ. මේ වනවිට එරට මිලියන හතලිහකට ආසන්න සංඛ්‍යාවකට පළමු එන්නත් මාත්‍රය ලබාදී අවසන්.