කොවිඩ් වසංගතය හමුවේ රට ඉදිරියට රැගෙන යාමට රජය කටයුතු කරමින් සිටින මොහොතක විපක්ෂය අසත්‍ය චෝදනා නැගීම කණගාටුදායක බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. උතුරු මැද පළාතේ වැව් කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් ඉපලෝගම කලා කරඹෑව, කදිරගම හා ගංතිරියාගම ආදී වැව් හයක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාද මෙම අවස්ථාවට එක්වුණා. එක් වැවකට ලක්ෂ විස්ස බැගින් ප්‍රතිසංස්කරණ කටයුතුවලට වෙන් කෙරෙන අතර ප්‍රදේශයේ විශාල පිරිසකට මෙමගින් සෙත සැලසෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/eGLro-WbGdE”]