නීතිපතිවරයා සිය ධුර කාලය තුළ අපරාධ නඩු 27,206ක් සම්බන්ධයෙන් කටයුතු අවසන්කර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය කියාසිටියේ 2019 මැයි මාසයේ සිට 2021 මැයි මාසය දක්වා නීතිපතිවරයාගේ ධූර කාලය තුළ එම කටයුතු නිමකර ඇති බවයි.