ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගී වීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.
පසුගිය අප්‍රේල් 24 වනදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ වනවිට දින 90ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.