ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයට ඔබ්බෙන් භූ කම්පනයක් ඇතිවී තිබෙනවා.
මෙම භූ කම්පනය රිච්ටර් ඒකක 7.3 ක ප්‍රබලතාවකින් යුතු බවයි එරට කාලගුණ අංශ සඳහන් කළේ. 2011 වසරේ සිදුවූ භයානක භූ කම්පනය සිදුවී 10 වන සංවත්සරය සැමරීමට සතියක කාලයක් තබා මෙම භූ කම්පනය සිදුවීම විශේෂත්වයක් . කෙසේ වෙතත් නව භූ කම්පනයෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නැහැ. පුද්ගලයන් 50 දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇතිබවයි ජපන් මාධ්‍ය සඳහන් කළේ. මිලියනයක පමණ නිවෙස්වලට විදුලි බලය ඇණහිටීමක්ද සිදුවුණා. 2011 වසරේ සිදුවූ භූ කම්පනයෙන් පුද්ගලයන් 18000 ක් ජීවිතක්ෂයට පත්වූ අතර න්‍යෂ්ටික බලාගාරයක් ද හානියට පත්වීමෙන් විකිරිණශීලි ද්‍රව්‍ය කාන්දු වීමක් ද සිදුවුණා.
