කටුනායක ඇතුලු ප්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතිය මගින් ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් සිදුකිරීමයි ඊට හේතුව. ඒ අනුව ලබන ඉරිදා (24) පෙරවරු 8 සිට සඳුදා පෙරවරු 8 දක්වා ජල සැපයුම අත්හිටුවීමටයි තීරණය කර තිබෙන්නේ. ඒ කටුනායක, සීදුව, ජාඇල නගර සභා බලප්‍රදේශ සහ වත්තල මාබෝල නගර සභාවේ කොටසක් වන මාබෝල ප්‍රදේශයට. ජාඇල ප්‍රාදේශීය සභාව සහ වත්තල ප්‍රාදේශීය සභාවේ කොටසක් වන වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාවාගොඩ, බෝපිටිය සහ උස්වැටකෙයියාව ප්‍රදේශ ඊට ඇතුලත්.
රාගම, වල්පොළ. බටුවත්ත, බුලුගහගොඩ, හොරපේ, බන්ධනාගාරපාර, කුරුකුලාව, ජය ශ්‍රී‍්‍ර ගම, පොල්ගහහේන සහ බෝයිස් ටවුන් ප්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවීමටයි නියමිත.