තුර්කි අධිකරණය හිටපු හමුදා සාමාජිකයන් 56 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා. ඒ 2016 වසරේ ජුලි මාසයේදී රජය පෙරළීමේ කුමන්ත්‍රණයට සහභාගීවීමේ චෝදනාව මත අපරාධ අධිකරණයේදී ඔවුන්ට එරෙහි පැවැති නඩු විභාගයෙන්.
ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන්ට එරෙහිව පැවැති කුමන්ත්‍රණය අසාර්ථක වුණා. රාජ්‍ය විරෝධී ක්රමන්ත්රණයට දායකවූ බවට තුර්කි රාජ්‍ය සේවකයන් මාධ්‍යවේදීන් සහ හමුදා සාමාජිකයන් ඇතුලු එක් ලක්ෂ දස දහසකට වැඩි සංඛ්‍යාවකට චෝදනා එල්ලවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.