මොරටුමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පතොරොම් තුවක්කුවකින් මෙම වෙඩි තැබිම සිදුකර පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.
නිවසක් ඉදිරිපිට මාර්ගයේ සිටි තුන්දෙනෙකුටයි අද (14) පෙරවරු දහයයි තිහට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ. බස් රථ හිමිකරුවෙකු සහ ඔහුගේ පුතාගේ මිතුරෙකු මෙම අනතුරෙන් මිය ගියා. බස් රථ හිමිකරුගේ පුතා තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට හෙළිව තිබෙනවා.
වෙඩි තැබීමට පැමිණි එක් අයෙකු හදුනාගෙන ඇති අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.