විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා.
බස්නාහිර පළාත, යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල හදුනාගත් වැඩි අවධානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 40කයි එය සිදුවන්නේ. ජනාධිපති කාර්ය සාධක බළකායේ සහාය ද වැඩපිළිවෙලට හිමිව තිබෙනවා. නිවාස, පාසල්, වැඩබිම්, කර්මාන්තශාලා හා ආගමික ස්ථාන පරික්ෂා කිරිම මුලික අරමුණක්. ත්‍රිවිද හමුදාව, පොලිසිය සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 590ක් මේ සඳහා දායක වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.