සුඩාන ජනාධිපති ඕමාර් අල්බසීර් සිරියාවට පැමිණියා. ඒ 2011 වසරෙන් පසු සිරියාවට පැමිණි පලමු අරාබි ජාතික ප්රධානියා බවට පත්වෙමින්. දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරිම පිලිබද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි සුඩාන ප්රවෘත්ති වාර්තා සදහන් කරන්නේ.
සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් ද සුඩාන ජනාධිපතිවරයා සමග සිදුකරන සාකච්ඡා පිලිබද වැඩි බලාපොරොත්තුවකින් පසුවන බව එරට වාර්තා සදහන් කළා.