දූෂණ චෝදනාවලට ලක් වීමෙන් සිරගත කර සිටින බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය කලීඩා ෂියා බරපතල ලෙස අසනීප වීමෙන් රෝහල්ගත කර තිබෙනවා. සිය පාලන කලය තුලදී සිදුකළ දූෂණ හා අක්‍රමිකතා සිදු කිරීමේ චෝදනා මත ඇයට වසර 05ක සිරදඩුවම් නියම වුණා. ඒ පසුගිය පෙබරවාරි මාසයේ දීයි. අංශභාග රෝගී තත්ත්වයකට මුහුණ දී සිටින ඇගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බවයි කලීඩා ෂියා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පෙන්වා දුන්නේ. විශේෂ අධිකරණ නියෝගයකට අනුව ඇය බංග්ලාදේශයේ රජයේ රෝහලකට ඇතුල් කළා. ඉදිරියේ දී ඇයට අවශ්‍යනම් පෞද්ගලික වෛද්‍යවරයෙකු මගින් රෝහලේ සිට ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන බවයි අධිකරණය ප්‍රකාශ කළේ.