සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ 4 වන දිනය අවසන් වන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 176 ක් රැස්කරගෙන සිටියා.
ශ්රී ලංකා කණ්ඩායම මුල් ඉනිම වෙනුවෙන් රැස් කළේ සියලු දෙනා දැවී ලකුණු 185 ක් පමණයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 414 ක් හා දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 223 ක් රැස්කර ගත්තා.
මේ අනුව බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්රී ලංකාවට වඩා ලකුණු 276 ක් ඉදිරියෙන් සිටිනවා. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 94 ක් රැස්කර ගනිමින් ශ්රී ලංකා කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීමේ සටනක නිරතවී සිටිනවා. කෙසේ වෙතත් තරගයේ වැඩි වාසි බටහිර ඉන්දීය කොදෙව්වන් සතුවන බවයි ක්රිකට් විචාරකයන් පවසන්නේ.