ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තුන් වන එක්දින ක්රිකට් තරඟයේ ප්රවේශ පත්ර අස්ගිරිය සහ පල්ලෙකැළේ ක්රීඩාංගන දොරටුවලින් ලබාගත හැකි බව ක්රිකට් ආයතනය ප්රකාශ කළා.
තරඟය ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි. නිල ගුවන් විදුලි විකාශය ITN FM ඔස්සේ සිදුකෙරෙනවා. තරඟය සඳහා සියලු කටයුතු සූදානමින් පවතින බවයි එහි සිටින අප නියෝජිත විදුරංග ගුණසේකර ප්රකාශ කළේ.