වියලි පලතුරු සැකසීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.බෝ නොවන රෝග බහුතරයකට හේතු වී ඇත්තේ ජනතාවගේ ආහාර රටාවයි.
ශ්‍රී ලංකාවේ පුද්ගලයින් දහසක් පමණ දිනකට මිය යන අතර ඉන් 60%ක් පමණ මිය යන්නේ බෝ නොවන රෝගවලින් බව වාර්තා වනවා. අධික සීනි සහිත කෙටි ආහාර පරිභෝජනය ඉහළ යාම ආදිය දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වී තිබෙනවා. මෙම තත්ත්වය වළක්වා ගැනීමට කෙටි ආහාර හා අතුරුපස වශයෙන් වියළි පලතුරු සැකසීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
මේ පිළිබද අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික හදබිම අධිකාරියේ සභාපති ඉන්දික ගුරුගේ සහ ජාතික ආහාර ප්‍රවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ යන මහත්වරුන්ට උපදෙස් ලබා දුන්නා. දිවයිනේ පලතුරු බහුල කාලයට ඒවායින් විශාල ප්‍රමාණයක් අපතේ යන අතර පලතුරු හිග කාලයට ඒවායේ පෝෂණයට හානියක් නොවන පරිදි වියළා සකසා තබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ සදහා සරල යන්ත්‍ර මිලදී ගෙන ගොවි පවුල්වලට අමතර ආදායමක් උපයා ගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදීයි අමාත්‍යවරයා මේ පිළිබද අදහස් පළ කළේ.