ගාසා තීරයට ආධාර ලබාදීම හා ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය නව එකඟතාවයකට එළඹ තිබෙනවා.
කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර මෙම නව එකඟතාවය ඇතිව තිබෙනවා.
ගාසා තීරයට අවශ්‍ය මානූෂිය ආධාර ලබාදීමට මෙහිදි ප්‍රමුඛතාවය හිමිව ඇති අතර ප්‍රාණ ඇපකරුවන්ට අවශ්‍ය ඖෂධ ලබාදීමට කටාර් හා ප්‍රංශය මැදිහත්ව ඇති බව ද සදහන්.
නව ගිවිසුම යටතේ මානූෂිය ආධාර රැගත් ට්‍රක් රථ වැඩි සංඛ්‍යාවකට දෛනිකව ගාසා තීරයට ඇතුලු වීමට අවසර ලබාදීමට ඊශ්‍රායලය එකඟ වී තිබෙනවා.
එමෙන්ම දෙපාර්ශවය අතර සිදු කෙරෙන සාකච්ඡා හරහා තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කර ගැනීමට හැකිවෙනු ඇති බවට ද ඇමෙරිකාව විශ්වාසය පළ කරනවා.