මෙතෙක් සොයාගත් හමාස් සංවිධානයේ විශාලතම උමං මාර්ගය හමු වූ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
ඉරේස් දේශසීමා හරස් මාර්ගයේ මීටර් 400 ක් ඇතුළට පිහිටා ඇති උමං මාර්ගයෙන් කුඩා වාහනවලට වුවද ගමන් කළ හැකි බවයි වාර්තා වන්නේ.
මෙය මෙතෙක් ගාසා තීරයේ දී සොයාගත් විශාලතම උමං මාර්ගය ද වනවා.
මෙම භූගත මාර්ගය කිලෝමීටර් 4ක් දුරට විහිදුණු පුළුල් ශාඛා ජාලයක කොටසක් වනවා.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළේ එය ඉදිකිරීමට ඩොලර් මිලියන ගණනක් වැය කර ඇති බවයි.
මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබුවේ හමාස් ප්‍රධානියා වන යාහ්යා සින්වාර්ගේ සහෝදරයා වන මොහොමඩ් යාහියා විසින් බවයි සඳහන් වන්නේ.
ජලාපවහන සහ අප ජල පද්ධති, විදුලිය, වාතාශ්‍රය සහ සන්නිවේදන ජාලයක් මෙන්ම රේල් පීලි වලින් ද උමං මාර්ගය සමන්විත වනවා.
එහි පොළොව හා බිත්ති සඳහා කොන්ක්‍රීට් භාවිතා කර ඇති අතර දොරටුව ලෝහ වලින් නිමවා තිබෙනවා.
උමග තුළ ප්‍රහාරයක් සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ අවි ආයුධ විශාල ප්‍රමාණයක් ගබඩා කර තිබූ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරනවා.