ලබන 21 වනදා පාසල් විවෘත කළ ද අධ්‍යයන කටයුතු සදහා සහභාගී නොවන බව ලංකා ගුරු සංගමය යළිත් අවධාරණය කරනවා. ඔවුන් ප්‍රකාශ කළේ ලබන 25 වනදා අධ්‍යන කටයුතු සදහා සහභාගී වන බවයි. කෙසේ වෙතත් ගුරු විදුහල්පති වැටුප් විෂ්මතා ඉවත් කිරීම සදහා වන ඒකාබද්ධ සන්ධානය පවසන්නේ. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැම් ගුරු සංගම් ක්‍රියාත්මක බවයි.
කෙසේ වෙතත් දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබූ පාසල් යළි විවෘත කරන අවස්ථාවේ එය කඩාකප්පල් නොකර දරුවන්ගේ අනාගතය ගැන සිතා ලබන 21 වනදා පාසල්වලට පැමිණෙන ලෙස දෙමව්පියන් ගුරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/RpDMcEgHGms”]