ජෝර්දානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
කොරෝනා ආසාදිතයින්හට ප්‍රතිකාර සිදුකරන රෝහලක ඔක්සිජන් සම්බන්ධතාවය ඇණහිටීම සමඟ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් හය දෙනෙකු ඊයේ දිනයේදී මිය යාම හේතුවෙනුයි ඔහු මෙම පියවර ගෙන ඇත්තේ. දැඩි සත්කාර ඒකකයට හා කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන වාට්ටු වෙත ලබාදී තිබූ ඔක්සිජන් සම්බන්ධතාවය ඇණහිටීමට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කෙරෙන අතර පුද්ගලයින් හය දෙනෙකු මිය යාමේ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ වනවිට ජෝර්දානයේ කොරෝනා ආසාදිතයින් හාරලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 5224 ක්.