ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ඈත මුහුදේ භූ කම්පනයක් ඇතිව තිබෙනවා. එය රිච්ටර් පරිමාණ ඒකක 6.0ක් ලෙසයි සටහන්ව තිබෙන්නේ.
මෙම භූකම්පනයෙන් කිසිදු සුනාමි ආවදානමක් නොමැති බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරනවා. භූකම්පනයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ. සුමාත්‍රා දූපතට කිලෝමීටර් 246 ක් දුරින් ගැඹුරු මුහුදේ මෙම භූකම්පනය සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.