ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් අතර හමුව තුර්කියේ අන්කාරා නුවරදී පැවැත්වුණා.
තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී අතුරුදන් වූ සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි මෙම හමුව පැවැත්වුණේ. අන්කාරා නුවරට පැමිණීමට පෙර ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා සෞදි අරාබියට ගොස් සෞදි කුමරු වන සල්මාන් කුමරු ද හමුවුණා. තුර්කි විදේශ අමාත්‍යවරයා සමගද මයික් පොම්පියෝ සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටිනවා. සෞදි මාධ්‍යවේදියා අතුරුදන් වූයේ පසුගිය දෙවනදායි. සෞදි අරාබිය මෙම මාධ්‍යවේදියා අතුරුදන් කර ඇති බවට තුර්කිය චෝදනා කරනවා.