ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්රචාරක ව්‍යාපාරය මෙහෙය වූ පෝල් මනෆෝර්ට්ට මාස හතලිස්හතක සිරදඩුවම් නියම කර තිබෙනවා.
බදු පැහැර හැරීම සහ බැංකුවලට වංචා කිරිම යන චෝදනා යටතේයි ඔහුට මෙසේ සිර දඩුවම් නියම කෙරුණේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියෙකු වන රොබට් මුලර්ගේ පරික්ෂණවලට අනුවයි පෝල් මනෆෝර්ට්ට සිරදඩුවම් නියම කෙරුණේ. හැට නව හැවිරිදි ඔහුට එරෙහිව තවත් එවැනිම නඩු තීන්දුවක් වොෂින්ටනයේදී ඉදිරියේදී ලබා දිමට නියමිතයි. එහිදි ඔහුට වසර 10ක සිරදඩුවමක් නියම විය හැකි බවයි සදහන් වන්නේ.