චීනයේ අධිවේගී මාර්ගවලට පස් කදු කඩාවැටීමෙන් සිදුවන අවහිරතා ඉහළ යමින් පවතිනවා. සිචුවාන් ප්රදේශයේ අධිවේගී මාර්ගයකයට පස් කන්දක් කඩාවැටීමෙන් මේ වනවිට එහි ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දමා තිබෙනවා.
චීනයේ සිචුවාන් ප්රදේශයට මේ දිනවල නොනවත්වා වැසි ඇදහැලෙමින් පවතිනවා. වර්ෂාවත් සමග පස් කදු විශාල ලෙස අධිවේගී මාර්ගයට කඩා වැටෙමින් පවතිනවා. මෙය බරපතල තත්ත්වයක් බවයි ප්රාන්ත බලධාරීන් ප්රකාශ කරන්නේ. අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ද ඇණහිට ඇති බවයි සිචුවාන් පොලීසිය සදහන් කරන්නේ.