Back to homepage

වූහාන් කොරෝනා වෛරසය, “COVID-19” වෙයි

වූහාන් කොරෝනා වෛරසය, “COVID-19” වෙයි

කොරෝනා වෛරසය, COVID-19 ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙනවා.

කොරෝනා වෛරස් කාණ්ඩයට අයත් වූ බැවින් හා 2019 වසරේ දී වෛරසය පැතිරීම ආරම්භ වූ බැවින් ඊට කොවිඩ් නයින්ටීන් ලෙස නම් තැබූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ. කිසිදු ස්ථානයක්, සතෙක්, පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හැදින්වෙන නමක් මේ සදහා යොදා නොගැනීමට තමන් කටයුතු කළ බවයි මෙම සංවිධානය ප්‍රකාශ කළේ.

මේ වනවිට වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 44,653 ක්. මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,113 ක්. මේ අතර ජපාන නෞකාවේ සිටි වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 39 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව ජපාන නෞකාවේ සිටින සම්පූර්ණ ආසාදිතයින් ගණන 175 ක්. වෛරසයට නිසි ප්‍රතිකාරයක් සොයා ගැනීමට තවත් මාස 18 ක කාලයක් ගතවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

වෛරසයට ප්‍රතිකාර සෙවීම සදහා තාක්ෂණික සහාය චීනයට ලබාදීමට තීරණය කළ ද කිසිදු නව ණය ලබාදීමක් සිදුනොකෙරෙන බව ලෝක බැංකුව පවසනවා. මෙම වෛරසය ත්‍රස්ත සංවිධානයකට හෝ ත්‍රස්ත ක්‍රියාවකට වඩා බරපතල ලෙස ලොව පුරා පැතිරයමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශකර ඇත්තේ.

 


Back to homepage

Similar Photo Galleries