Back to homepage

ලෝකයම තැති ගන්වන චීනයේ අභිරහස් වෛරසය

ලෝකයම තැති ගන්වන චීනයේ අභිරහස් වෛරසය

චීනයේ පැතිර යන අභිරහස් වෛරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට වැළඳෙන බවට හඳුනාගෙන තිබෙනවා.

රෝගීන් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් 14 දෙනෙකුට රෝගය ආසාදනය වීමත් සමගයි මෙය හඳුනාගෙන ඇත්තේ.

චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් පළමුව වෛරසය පිලිබඳව තොරතුරු වාර්තා  වුණා.

එම ප්‍රාන්තයේ මුහුදු ආහාර අලෙවි මධ්‍යස්ථානයක් අවටින් වෛරසය පැතිර යන්නට ඇති බවටයි සැක පල කෙරෙන්නේ. වුහාන් ප්‍රාන්තයේ පුද්ගලයින් 170 දෙනෙකු වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගන්නා අතර ඔවුන්ගෙන් 09 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සදහන්. මේ වන විට වෛරසය හේතුවෙන් චීනයේ පුද්ගලයින් 04 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බෙයිජින් ෂැංහායි ග්වන්ඩොං ප්‍රාන්තවලටද වෛරසය පැතිර ගොස් තිබෙනවා.

මේ වන විට චීනයේ හදුනාගත් වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාන 218 ක්.

රෝගීන් සංඛ්‍යාව පසුගිය දින කිහිපයට සාපේක්ෂව තුන්ගුණයකින් ඉහළගොස් තිබෙනවා.

ඊට විසදුමක් සොයාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අද දිනයේදී හදිසි රැස්වීමක්ද කැඳවා තිබෙනවා.


Back to homepage

Similar Photo Galleries