Back to homepage

රජ පවුලත් අපි වගේ

රජ පවුලත් අපි වගේ

බැලුබැල්මට ඒක එහෙම වෙන්න බෑ කියල ඔබ හිතනව ඇති. ඔව්. රජ පවුලක් කියන්නේ නිරන්තර හැම කෙනෙක්ගේම අවධානයට ලක් වෙන, ඔවුන්ගේ සෑත සිතළුවක්ම ඉෂ්ඨවන, අතට පයට සේවකයින් සිටින වැසිකිලියකට ගියත් ආරක්ෂක පිරිස් වටකරගෙන ඉන්න පිරිසක්. රාජකීය කාන්තාවන්ටද ඔබ තරම් යමනක් බිමනක් යද්දි ඇදුම පැළදුම ගැන කොණ්ඩා මෝස්තරය ගැන හිතන්න, දරුවන් රැකබලා ගැනීම ගැන හිතන්න කරදර වියයුතු නෑ.

ඒ සියලු වරප්‍රසාද සමඟ අවාසි ද නැත්තේ නොවේ. ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ ආරක්ෂාව සහ දිගුකාලීන සම්ප්‍රදායන් නිසා දැඩි නීති රීති අනුගමනය කළ යුතු වනවා. ඔවුන්ට හුදෙක් ඇවිදීමට හෝ සිල්ලර කඩ සාප්පු යෑමට හැකියාවක් නෑ. යන ගමන බිමන පවා ආරක්ෂිත වීම සඳහා සෑම දෙයක්ම හොඳින් සැලසුම් කළ යුතුයි. ඔවුන් අඳින්නේ කුමක්ද සහ හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව ඔබ දන්නවාද?

ඒ කොහෙම වුනත්, රාජකීය පවුල අපට වඩා වෙනස් වුවද, ඔවුන් තවමත් ඒ සියල්ලට යටින් ජීවත් වෙන්නෙ අපිවගේමයි. වටපිට බැලීමට, විහිළු කිරීමට හා සිනාසීමට ඔවුනුත් කැමතියි. ඔවුන් වැරදි කරනවා, මෝඩ දේවල් කරනවා, සහ ඔවුන්ගේ ආදරණීයන් සමඟ විනෝද වෙනවා. මෙම අවස්ථා කැමරාවට හසු වූ විට, එය අපට මතක් කර දෙන්නේ රාජකීයන් වුණත් ඔවුන් ඇත්ත වශයෙන්ම අප හා සමානයි කියලා.

හයි හීල්ස් හිරවෙලා

කේට් මිඩ්ල්ටන් ආදිපාදවරියගේ හයි හීල්ස් සපත්තු පාරේ යකඩ දැලක සිරවුණාම ඇයත් අපි වගේම එයින් බේරෙන්න හදනවා. ඇගේ රාජකීය ස්වාමිපුරුෂයාටත් ඇයට උදව් කිරීමට සිදුවුණා.

ආදරණීය බැල්ම

මේගන් සහ හැරී කුමරු අතර ඇස් වලින් කතාකරන මොහොතක සුන්දර ඡායාරූපයක්. සසෙක්ස් හි ආදිපාදවරිය ඇගේ චාම් කුමරු දෙස ආකර්ෂණීය ලෙස බලා සිනහවෙන් සිටින්නේ ඇගේ දෑස් තුළ ආදරයෙන්.

අනෙක් පස වෙනම කතාවක්. විලියම් කුමරු අනෙක් පැත්තේ වාඩි වී සිටින අතර ඔහු දෑස් විවෘතව තබා ගැනීමට වෙහෙසෙයි. මෙම පින්තූරය ගනු ලැබුවේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව්මැදුරෙහි පැවති ඇන්සාක් දින උත්සවයේදී, ඔහුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් ආදිපාදවරිය ඔවුන්ගේ තෙවැනි දරුවා බිහි කිරීමෙන් දින දෙකකට පසුව යි. වෙනත් තාත්තා කොනකු එවැනි තත්වයකට පත්වන්නාක් මෙන්, ඔහු සුපිරි වෙහෙසට පත්ව සිටි බවක් හැඟේ!

හිමබෝල සටන

ඔබ කොතරම් වයසක වුවත් තම ආදරයත් සමඟ හිම සහිත පරිසරයක සිටින විට මේවගේ හිම බෝලයකින් ගහගන්නෙ නැතිව ඉන්නෙ කොහොමද?.  කේම්බ්‍රිජ් ආදිපාදවරියගේ හිම ප්‍රහාරයට ලක්වන විලියම් කුමරුගේ මුහුණ බලන්න. ඒත් ඉතින් බනින්නද?

සහෝදර සහෝදරියන් ඉදිරියේ පොරවීම

සහෝදර සහෝදරියන් ඉදිරියේ ශක්තිවන්තයා වෙන්න හදන එක සාමාන්‍ය දෙයක්. අපි හැමෝටම අපේ සහෝදර සහෝදරියන්ට වඩා වේගවත් බව ඔප්පු කිරීමට අවශ්‍යයි. හැරී කුමරු, විලියම් කුමරු සහ කේට් ආදිපාදවරියටත් පැහැදිලිවම ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වෙලා.

පොප්කෝන් මගේ

හැරී කුමරුට දරුවන් ගොඩක් කැමතියි. දෙමව්පියන් බැලීමට පැමිණෙන කුඩා දරුවන්ටත් ඔහු ආචාර කරන හැටි කතාකරන හැටි අපි දැක තිබෙනවා. මේ හැරී 2017 දී ටොරොන්ටෝ හි පැවති ඉන්වික්ටස් ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරඟයක් නරඹමින් සිටියදී.

මෝඩ මුහුණු

ලොව පුරා සිටින ළමයින් කැමරාවක් ඉදිරියේ ඇති බව දැනගත්තම මෝඩ මුහුණු සෑදීමට කැමතියි. රාජකීය දරුවන්ද ඊට වෙනස් නෑ.

කඳු නැගීම

අපි බොහෝ විට චාල්ස් කුමරුගේ මෝඩකම දකින්නේ නැත. ඇත්ත වශයෙන්ම, ඔහු අනාගත එංගලන්තයේ රජු වන අතර, ඔහු සෑම විටම එම භූමිකාවට ගැලපෙන පරිදි හැසිරිය යුතු වනවා.

99යෙන්

සෑම කෙනෙකුම සමහර විට ඔවුන්ගේ සමබරතාවය නැති වෙන වෙලාවන් තිබෙනවා. 2017 රාජකීය ඇස්කොට් පෙළපාළියේදී විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් එඩ්වඩ් කුමරු, වෙසෙක්ස්හි අර්ල් සහ සොෆී සමඟ කරත්තයක නැගී සිටි අවස්ථාවක්.

කුමරිය බිමවැටීම

දරුවන් සමඟ කාලය ගත කළ ඕනෑම අයෙකු දන්නවා ඔවුන් කෙතරම් හොඳින් හැසිරුණත්, ඔවුන් සියල්ලන්ටම නින්දා අපහාස කරන හෝ වැරදි ලෙස හැසිරෙන අවස්ථා ඇති බව. පුංචි චාලට් කුමරියත් ඒ වගේමයි.

කවදාවත් ලොකුවෙන්නෙ නෑ

හැරී තම බිරිඳ මේගන් මාක්ල් සමඟ ඩබ්ලින් හි සිටියදී කුඩා දරුවන් ඉදිරියේ මෝඩ පෞරුෂය පෙන්නුම් කළා. සිව් හැවිරිදි පිරිමි ළමයෙක් හැරීගේ රැවුලට ඇද ගත්තා. ළමයා සමඟ සෙල්ලම් කළ කුමරු මෙහෙම කිව්වා.

“ඔබට ඉතා ඉක්මනින් රැවුලක් වැවෙනවා! – ඔබ කවදාවත් දන්නේ නෑ”

ද්වන්ධ සටනක්

එක්සත් රාජධානියේ වඩාත් ප්‍රසිද්ධ දේවල් දෙකක් වන්නේ රාජකීය පවුල සහ හැරී පොටර්. මෙම දුර්ලභ ඡායාරූපයෙහි, එම දේවල් වඩාත් විනෝදජනක එකට එකතු වෙලා තිබෙන අපූරුව.

ආච්චි වගේ

රෝයල්වරුන්ගේ දිව දිගු කර ගැනීමේ දීර්ඝ කාලීන සම්ප්‍රදාය පැමිණෙන්නේ මෙහිදී විය හැකියි! ඉතිහාසයේ දීර්ඝතම පාලක බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව එලිසබෙත් රැජිනගේ වන අතර ඇය සිය භූමිකාව ඉතා බැරෑරුම් ලෙස සලකයි.

ඒ නිසාම බොහෝ විට අපි රැජිනව උතුම්ලෙස හැර වෙනත් විදිහට බලන්නේ නැත, මෙය දුර්ලභ ඡායාරූපයක්. මෙම පින්තූරයේ හිම පතනයක් ඇත, එබැවින් සමහර විට රැජිනට ඇගේ දිවෙන් හිම පියලි අල්ලා ගැනීමට උත්සාහ කළා වෙන්න පුළුවන්. හිම වැටෙද්දි ගෙඩක් අය ඒක කරනවා!

 

 


Back to homepage

Similar Photo Galleries