Back to homepage

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළමු විදෙස් සංචාරය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළමු විදෙස් සංචාරය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය රාජ්‍ය සංචාරය දෙරට අතර ඓතිහාසික සබදතාවල නව ප්‍රවේශයක් සනිටුහන් කරන්නක් බව ඉන්දීය ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් රාශ්ට්‍රපතිභවන් හිදී සංවිධාන කර තිබූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මැතිතුමා මේ බව සදහන් කළා. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය දකුණු ආසිය කලාපයේ ඉදිරි ගමනට ශක්තියක් වනු ඇතැයි ඉන්දීය ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රි ලංකාවේ ඉදිරිගමන වෙනුවෙන් සකසා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ සියලු අංශයන්හි වේගවත් ප්‍රගමනයට හේතුවනු ඇති බවට තමා විශ්වාස කරන බවයි ඉන්දීය ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සදහන්කළේ.

දෙරට අතර ඓතිහාසික සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙද,  ආර්ථික සාමාජීය සබදතා ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. දෙරටේ ජන ජීවිත ඉහළ තත්ත්වයකට ගෙන ඒමේ ඇති අවශ්‍යතාව ද රාජ්‍ය නායකයින් දෙපළගේ සාකච්ඡාවට බදුන් වුණා. මෙම අවස්ථාවට ඉන්දීය රජයේ මැති ඇමතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයින් ද එක්ව සිටියා.


Back to homepage

Similar Photo Galleries