කෙටි පාරෙන් දිව්‍යලෝකයට යා හැකි පූජනීය මංගල්‍යය…
කෙටි පාරෙන් දිව්‍යලෝකයට යා හැකි පූජනීය මංගල්‍යය…
ලොව විශාලතම ආගමික සැනකෙලිය වන කුම්භමේලා සැණකෙලිය ඉන්දියාවේදී ආරම්භ වුණා. කුම්භමේලාව යනු ඉතා පැරණි පුජනීය උත්සවයක්. ඉතා සරලව හඳුන්වා දීම නම් “කුම්භමේලා” යනු ලොව වැඩිම පිරිසක් එක්රැස්වී පවත්වන පූජනීය උත්සවයයි.. ඉන්දීය බලධාරීන්ගේ ගණන් බැලීම්වලට අනුව ඊට මිලියන 150ක් තරම් බැතිමතුන් එක්වනු ඇති බවයි පැවසෙන්නේ.
සිරුර පුරා භෂ්ම තවරාගෙන මලින් සහ සත්ව සමින් පමණක් සැරසී සිටින නිගණ්ඨ කුලයේ පිරිස් එක්වන්නේ කුම්භමේලා සැණකෙලියටයි.
පූජනීය උත්සවයක් ලෙසින් සැලකෙන මේ සැණකෙලියට සහභාගිවීමට සහ එය නැරඹීමට දහස් සංඛ්‍යාත බැතිමතුන් ඉන්දියාවේ උතුරුදිග ප්රයන්ග්රාජ් නගරය වෙත එක්රැස්ව සිටිනවා.
මෙම බැතිමතුන්ගේ මූලික ලක්ෂණය වන්නේ ඔවුන් නිරුවතින් හෝ අඩනිරුවතින් සිටීමයි.
මේ පිරිස් නිරුවතින් හෝ අඩනිරුවතින් ගොස් උතුරු ඉන්දියාවේ පූජනීය ගංගාවන් ලෙසින් සැලකෙන ගංගා, යමුනා සරස්වතී යන ගංගාවල ස්නානය කිරීම මගින් කුම්භමේලා සැණකෙලියේ ආරම්භය සනිටුහන් කෙරෙයි.
ලොව අතිදැවැන්තම පූජනීය සැණකෙලිය ලෙසින් සැලකෙන්නේ කුම්භමේලා සැණකෙලියයි.
ඊට එක්වීමට ඉන්දියාවේ මෙන්ම ලොවපුරා වාසය කරන බැතිමතුන් මිලියන 150ක් එක්වනු ඇතැයි ඉන්දීය බලධාරීන් ගණන් බලා තිබේ.
හින්දු බැතිමතුන් රැස්වෙන මේ සැණකෙලිය අතරතුර ගංගා ජලයේ ස්නානය කිරීම මගින් සියලු පාපයන් සේදී යන බව බැතිමතුන් විශ්වාස කරයි.
වසර 2000කටත් වඩා පැරැණි මේ චාරිත්‍ර විධි මගින් වසර ගණනාවක් තිස්සේ හිමාල වනයේ වෘත රකිමින් සිටින හින්දු සාධුවරුන් හමුවීමේ අවස්ථාව බැතිමතුන්ට හිමිවෙයි.
Similar Photo Galleries
හමුනොවූ ජීවිත හමුවූ මොහොතක්…
ඇන්ටාක්ටිකාවේ උත්තර ධ්‍රැවයේ සහ දක්ෂිණ ධ්‍රැවයේ සිටින සත්ත්වයන්ට එකිනෙකා හමුවීමේ අවස්ථාවක් මේ දිනවල වැඩි කතාබහට ලක්වනවා… වෙන්ව දිවි ගෙවීමට සිදු
View all photos ▸කෙටි පාරෙන් දිව්‍යලෝකයට යා හැකි පූජනීය මංගල්‍යය…
ලොව විශාලතම ආගමික සැනකෙලිය වන කුම්භමේලා සැණකෙලිය ඉන්දියාවේදී ආරම්භ වුණා. කුම්භමේලාව යනු ඉතා පැරණි පුජනීය උත්සවයක්. ඉතා සරලව හඳුන්වා දීම නම් “කුම්භමේලා”
View all photos ▸