Back to homepage

Posts From ITN News Editor

චීනයෙන් පිට වැඩිම COVID-19 රෝගීන් දකුණු කොරියාවෙන්

චීනයෙන් පිට වැඩිම COVID-19 රෝගීන් දකුණු කොරියාවෙන් 0

🕔11:50, 24.පෙබ. 2020

චීනයෙන් පිටත වැඩි වශයෙන් COVID-19 රෝගීන් වාර්තා වූ රට ලෙස දකුණු කොරියාව පත්ව තිබෙනවා. ඉහළම සෞඛ්‍ය අවධානම් නිකුත් කර ඇති දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 763 ක්. දකුණු කොරියාවෙන් ඊයේ දිනයේ නව COVID-19 ආසාදිතයින් 161 දෙනෙකු වාර්තා වුණා.

Read Full Article
පස් දෙනෙකුට මරු කැඳවූ අනතුර ගැන විමර්ශන

පස් දෙනෙකුට මරු කැඳවූ අනතුර ගැන විමර්ශන 0

🕔10:29, 24.පෙබ. 2020

වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රි යේ සිදුවූ අනතුර පිළිබඳ ඕමන්ත පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා. වෑන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් පස් දෙනෙකු මිය ගියා. 21 දෙනෙකු තුවාල ලැබුවා. මෙසේ අනතුරට පත්ව ඇත්තේ යාපනය සිට

Read Full Article
ඕස්ට්‍රේලියාව පරදා  දකුණු අප්‍රිකාවට ලකුණු 12ක තියුණු ජයක්

ඕස්ට්‍රේලියාව පරදා දකුණු අප්‍රිකාවට ලකුණු 12ක තියුණු ජයක් 0

🕔09:48, 24.පෙබ. 2020

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවති දෙවන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා. පෝර්ට් එලිසබෙත්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක්

Read Full Article
හයිටියේ පොලීසිය සංවිධානය කළ උද්ඝෝෂණයක් උණුසුම් වෙයි

හයිටියේ පොලීසිය සංවිධානය කළ උද්ඝෝෂණයක් උණුසුම් වෙයි 0

🕔09:41, 24.පෙබ. 2020

හයිටි රාජ්‍යයේ  පොලීසිය සංවිධානය කළ උද්ඝෝෂණයක් උණුසුම් වාතාවරණයක් ගෙන තිබුණා. වැටුප් වැඩි කිරීම සඳහා පොලීසියේ තත්ත්වය උසස් කිරීම සිදුකරන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. උද්ඝෝෂණ වලට සිවිල් වැසියන් ද එක්ව සිටියා. මේ සඳහා හයිටි රාජ්‍යයේ ඇතැම් පොලිස් ස්ථානවල

Read Full Article
ට්‍රම්ප් අද ඉන්දියාවට

ට්‍රම්ප් අද ඉන්දියාවට 0

🕔09:11, 24.පෙබ. 2020

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ඉන්දීය සංචාරය අද ආරම්භ වනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින දෙකක් ඉන්දියාවේ රැදී සිටීමට නියමිතයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපන්

Read Full Article
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිය අද ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිය අද ඇරඹෙයි 0

🕔08:44, 24.පෙබ. 2020

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වනවා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුන් මෙවර කවුන්සිලයට සහභාගි වනවා. මෙවර ජගත් මානවහිමිකම් සැසිවාරය ලබන මස

Read Full Article
අධිවේගයේ මාතර – හම්බන්තොට කොටසේ රථවාහන ධාවනය අද සිට

අධිවේගයේ මාතර – හම්බන්තොට කොටසේ රථවාහන ධාවනය අද සිට 0

🕔08:26, 24.පෙබ. 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ වීවෘත කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට කොටසේ රථවාහන ධාවනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. එම කොටසේ බස් රථ පළමු මගී බස් රථය හෙට පෙරවරු 8.30ට ධාවනය කිරීමටයි කටයුතු

Read Full Article
කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් මවක් සහ පුතෙකු ජීවිතක්ෂයට

කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් මවක් සහ පුතෙකු ජීවිතක්ෂයට 0

🕔17:35, 23.පෙබ. 2020

කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ හබරනදී සිදු වූ මාරක රිය අනතුරකින් මවක් සහ පුතෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පියාගේ තත්ත්වය බරපතල බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මින්නේරියේ සිට අනුරාධපුර දක්වා ගමන්ගත් මෝටර් රථයක් සහ අනුරාධපුරය සිට සෝමාවතිය බලා වන්දනා නඩයක්

Read Full Article
පරිසරය සුරැකීමට විදේශ රටවල අනුගමනය කරන ක්‍රමවේද අධ්‍යයනය කිරීම යුගයේ අවශ්‍යතාවක්

පරිසරය සුරැකීමට විදේශ රටවල අනුගමනය කරන ක්‍රමවේද අධ්‍යයනය කිරීම යුගයේ අවශ්‍යතාවක් 0

🕔16:50, 23.පෙබ. 2020

පරිසරය සුරැකීමට විදේශ රටවල අනුගමනය කරන ක්‍රමවේද අධ්‍යයනය කිරීම යුගයේ අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මැල්සිරිපුර මඩහපොල ආලකමන්දාව බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ අහස් වෙහෙර චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කොත නිරාවරණය කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.  කොත නිරාවරණයෙන් අනතුරුව අලුතින් ඉදිකිරීමට

Read Full Article
ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ ගණනින් වෙසෙන කොරියාවත් ඉතාලියත් COVID-19 බියෙන් ඇළලේ

ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ ගණනින් වෙසෙන කොරියාවත් ඉතාලියත් COVID-19 බියෙන් ඇළලේ 0

🕔16:39, 23.පෙබ. 2020

COVID-19 භීතිය යුරෝපය තුළ පැතිරයාමත් සමඟ ඉතාලිය අති විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. මේ අතර දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගමේ සේවකයකුටද  COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගෙන තිබෙනවා. සැම්සුන්ග් සමාගමේ සෝල් නුවර කටයුතු නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

Read Full Article

Default