අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ සහෝදරියක සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්නෑව, නිදිකුම්බායාය ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ දී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
සැකකරුට සැඟව සිටීමට උපකාර කිරීමේ චෝදනාව යටතේයි ඔහුගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු විසින් වෛද්‍යවරියව දූෂණයට ලක්කිරීමෙන් පසුව සොරකම් කරන ලද බව කියන දුරකථනයක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක් සහ 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පවසන්නේ..
මේ අතර අදාළ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත් කිරීමට නියමිතයි.
සැකකරු ඊයේ දිනයේ ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයක සැඟව සිටියදී ගල්නෑව පොලීසිය සහ අනුරාධපුර පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් එක්ව සිදුකළ සෝදිසියකදී අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට අනුරාධපුර පොලිස් ස්ථාන භාරයේ පසු වනවා.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අදාළ වෛද්‍යවරිය බිය ගැන්වීම සඳහා භාවිතා කළ පිහිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
කෙසේවෙතත් අදාළ සිද්ධිය වූ අවස්ථාවේ දී සැකකරු විසින් රැගෙන ගිය වෛද්‍යවරියගේ ජංගම දුරකථනය පොලීසිය විසින් මේ වන විටත් සොයාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.