ගෘහස්ථ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් මෙවර සුදුසුකම් ලබා සිටිනවා.
වසර 24කට පසු මෙම ශූරතාවලිය සඳහා මෙරටින් සහභාගී වන වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාව සහභාගී වන්නේ මෙම වසරේයි.
21වැනි වරට ගෘහස්ථ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය පැවැත්වෙන්නේ චීනයේ සත්කාරකත්වයෙන්.
චමෝද් යෝධසිංහ මීටර් 60 ධාවන ඉසව්ව සඳහා, කාලිංග කුමාරගේ මීටර් 400ය ධාවන ඉසව්ව සදහා සුදුසුකම් ලබා සිටිනවා.
සුදුසුකම් ලබා ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ කවීෂ බණ්ඩාරයි.
ඔහු ඉිදිරිපත් වන්නේ මීටර් 60 කඩුලු මතින් දිවීමේ ධාවන ඉසව්ව සඳහායි.
2001 වසරේ පෘතුගාලයේ පැවැති ගෘහස්ථ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනකු සුදුසුකම් ලබාගෙන තිබෙනවා.
ශූරතාවලිය එළැඹෙන 21වැනිදා සිට 23වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.