මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී සැකකරු ඊයේ (12) රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ශාඛාවේ නිලධාරීන් විසින්.
සැකකරු ගේ වයස අවුරුදු 23 යි.