ඇමරිකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව එහි ශ්‍රම බලකායෙන් අඩක් කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.
ට්‍රම්ප් පරිපාලනය ෆෙඩරල් ආන්ඩුවේ තනතුරු කප්පාදු කිරීමට කටයුතු කරමින් සිටිනවා.
ඒ යටතේයි එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකායෙන් අඩක් පමණ කපා හැරීමට සැලසුම් කර ඇත්තේ.
එළඹෙන මාර්තු 21 වනදා සිට 2,100 කට ආසන්න පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට සැලසුම් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට නම් කොන්ග්‍රස මණ්ඩල අනුමැතිය අවශ්‍ය වනවා.
ඩොලර් බිලියන 238ක වාර්ෂික වැය බරක් ඇති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 4,000 කට වඩා සේවය කරනවා.
1979 දී පිහිටුවන ලද එය රජයේ පාසල් සඳහා අරමුදල් අධීක්ෂණය ඇතුළු කටයුතු සිදු කරනවා.