රුසියාව සමග දින 30ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට යුක්රේනය සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සෞදි අරාබියේ පැවති ඇමෙරිකා-යුක්රේන සාකච්ඡාවලින් පසුව, ඇමරිකාව යෝජනා කරන ලද රුසියාව සමඟ දින 30 ක වහාම සටන් විරාමය පිළිගැනීමට තමන් සූදානම් බව යුක්රේනය පවසා තිබෙනවා.
තමන් රුසියාවටත් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන බව ඇමරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවා.
එය ක්‍රියාත්මක කිරීමේ තීරණය ඔවුන් සතු බවත් රූබියෝ කියා සිටි බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පැවසුවේ යෝජනාවට එකඟ වන ලෙස රුසියාවට බල කිරීමේ වගකීම ඇමරිකාවට පැවරී ඇති බවයි.
සෙලෙන්ස්කි සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රරම්ප් අතර ඕවල් කාර්යාලයේ ඇති වූ ගැටුමෙන් පසු ඊයේ (11) ජෙඩා හි පැවති සාකච්ඡා දෙරට අතර පළමු නිල හමුව බවට පත්වුණා.