ඇමෙරිකා කොටස් වෙළඳපොළ ඊයේ (10) දිනයේ දී පමණක් ඩොලර් ට්‍රිලියන එකයි දශම හතයි පහකින් පහළ වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2022 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු එක්දිනයක් තුළ දී සිදුවූ දැවැන්තම කඩා වැටීම මෙය ලෙසයි සැලකෙන ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම වසරේ දී ඇමෙරිකා ආර්ථිකය අවපාතයකට ලක්විය හැකි බවට වන අනාවැකි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම කඩා වැටීම සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළා.
නැස්ඩක් හන්ඩර්ඩ් (NASDAQ 100) දර්ශකය 3.81%කින් පහළ වැටී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
එස් ඇන්ඩ් පි ෆයිව්හන්ඩ්රබට් (S&P 500) දර්ශකය 2.7%කින් පහළ වැටී තිබෙනවා.
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ඊලෝන් මස්ක්ට අයත් ටෙස්ලා සමාගම තනි සමාගමක් ලැබූ වැඩිම පාඩුව අත්කර ගෙන ඇති අතර එහි අගය සටහන් වන්නේ 15.43%ක් ලෙසයි.
මේ අතර ජපානයේ නිකේ ටුහන්ඩ්රකට් ටුවෙන්ටිෆයිව් (NIKKEI 225) හා තායිවානයේ ටෙඒඑක්ස් (TAIEX) දර්ශක 2.5%කින් පමණ කඩා වැටී තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
හොංකොං හැන්ග් සෙන්ග් දර්ශකය කඩා වැටී ඇති ප්‍රTතිශතය 1.5%ක් ලෙසයි සටහන් වන්නේ.
ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඔහු හඳුන්වාදුන් නව තීරුබදු හා ආර්ථික සංකල්ප හේතුවෙන් මෙලෙස ගෝලීය කොටස් වෙළදපොළ කඩා වැටීමට ලක්වන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.