ඉන්දියාවේ පැවැත්වෙන ‘ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්’ තරගාවලියේ ඊයේ (10) පැවැති තරගයෙන් එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් වුණා.
Shaheed Veer Narayan Singh ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමයි.
ඒ අනුව ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායමට ආරාධනා කිරීමටයි.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 146ක් රැස්කළා.
ලකුණු 147ක ජයක්ග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 05ක් අවසානයේ ලකුණු 150ක් රැස්කරමින් ජයග්‍රහණය වාර්තා කළා.
එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක කුමාර සංගක්කාර පන්දු 47කදී නොදැවී ලකුණු 106ක් රැස්කළා.
අසේල ගුණරත්න පන්දු 12කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 22ක් රැස්කිරීමට සමත් වුණා.
ඒ අනුව, තරගාවලියේ සහභාගී වූ තරග පහෙන් හතරක් ජයගත් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පිවිසෙමින්.