චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට හිමි වුණා.
ඒ අනුව නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
මෙම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවාරාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන්නේ.
1998 වසරේ සිට ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සංවිධානය කෙරෙන අතර මේ දක්වා අවස්ථා දෙකක දී එහි ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.
නවසීලන්ත කණ්ඩායම ද එක් වරක් ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කර තිබෙනවා.
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම අවස්ථා දෙකක දී සුදුසුකම් ලබා ඇති අතර ඉන්දීය කණ්ඩායම අවස්ථා 4 කදී සුදුසුකම් ලබා තිබෙනවා.
ඉන්දියාව සහ නවසීලන්තය 2000 වසරේ දී ශූරයන්ගේ කුසලන අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසී ඇති අතර එය තරගය කඩුලු 4කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වුණා.